[තරංග රුක්ෂාන් ] ඔස්ටේ‍්‍රලියානු තරගාවලියේ එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා. 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නවක ක‍්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා එක්කර තිබීම විශේෂත්වයක්. පසුගිය නවසීලන්ත එක්දින තරගාවලියට සහභාගි වූ තරිඳු කෞශාල් සහ චාමර කපුගෙදර වෙනුවට අජන්ත මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාව සමග එක්දින තරග 5කින් යුත් තරගාවලිය ලබන 11 වැනිදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතයි. තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයෙන් සචිත‍්‍ර සේනානායක සහ ඩිල්ෂාන් මුණවීර ඉවත් කර තිබෙනවා. ඔවුන් ඉකුත්දා පැවැති නවසීලන්ත තරගාවලියේදී ශ‍්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කළා.