තිස්සමහාරාම වෙළඳසැලක ගින්නක්     මගේ ජීවිතේ එක දෙක තුන තැන්වල තියෙන්නේ සල්ලී - තීක්ෂණ අනුරාධ     එජාපය සමඟ ගනුදෙනුවක් නෑ     වෙසක් පහන් කුඩු අලවිකරුවගේ දුක්ගැනවිල්ලක්     ගුරු වැටුප් ගැන ඇමති බන්දුලට අභියෝගයක්
 
 

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිගේ සිරුර පුරා පච්චා

 
2012-07-14

අපරාධ රැසකට අනුබල දුන්නේ යැයි ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ සිරුරේ ස්ථාන ගණනාවක පච්චා කොටා ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා. බන්ධනාගාර නිලධාරීන් ඒ බව නිරීක්ෂණය කර තිබෙන්නේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී කෙරෙන සිරුර පරීක්ෂාවේදීයි. බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව උන්වහන්සේ ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මේ අතර බන්ධනාගාරයේදී සුපිරි පහසුකම් ලද ශී‍්‍ර ලංකාවේ එකම සිරකරුවා  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසනවා. වෙනත් කිසිදු සිරකරුවෙකුට සුපිරි පහසුකම් ලබා නොදෙන බවයි කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එ් මහතා අවධාරණය කළේ. තංගල්ලේ දී දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇතැම් සැකකරුවන්ටත්, එවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාටත්, බන්ධනාගාරයේදී සුපිරි පහසුකම් සපයා ඇතැයි පළවන වාර්තා එම ප‍්‍රශ්න කිරීමට පාදක වුණා.

මෙම පිළිතුරු සම්පූර්ණ කිරීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඒ. දිසානායක මහතාද එක් වුණා.

 

මේ අතර අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට තවත් බාලවයස්කාර දැරියක් අපහරණය කළේ යැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඊයේ චෝදනා නැගුණා. පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය නියෝග කළේ එම අපරාධය සම්බන්ධයෙන් ඒ මහතා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. ඒ  මහතාගේ මස්සිනාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අපහරණයට ලක් වූ බව කියන දැරිය මාතර නගරයේ පාසලක 10 වැනි ශේණියේ ඉගෙනුම ලබන්නියක්. අපහරණයට ලක් කිරීමෙන් පසු සාරුව ලියනගේ සුනිල් මහතා ඇය ධීවර තරුණයෙකුට සහවාසය සඳහා ලබාදී තිබෙනවා. එම තරුණයාද අත්අඩංගුවට ගැනුනු අතර අනිද්දා දක්වා ඔහුද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය නියෝග කළේ.
 

 

  Share on Twitter Share on Facebook  
  miq.sh mqj;a  
  1.  මිගෙට්ටුවත්තේ හිමි යළි රිමාන්ඞ්
  2.  මිගෙට්ටුවත්තේ  හිමිගේ තානාන්තර අත්හිටුවෙයි
  3.  මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ
  4.  අපරාධ රැසකට අනුබල දුන් හිමි නමක් අත්අඩංගුවට
   Post Your Comments
 
  Dedunu Mawatha

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
84.41% 
  නැත
 
15.58%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks