[සමන්ත කුමාර/චිරාන් ධර්මසේන]
ඉදිරි මාස 12 සඳහා ප‍්‍රමාණවත් වී තොගයක් ගබඩා තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. වැසි රහිත කාලගුණය හේතුවෙන් මෙම කන්නයේ වී අස්වනු අඩු වුව ද එය එතරම් අහිතකර තත්තවයක් නොවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පවතින කාලගුණය තත්ත්වය හේතුවෙන් වී ගොවීන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳ නෙත් නිවුස් කළ විමසුමක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ජලය නොමැති වීම හේතුවෙන් මේ වන විට කුඹුරු අක්කර 20,000 ක් පමණ විනාශ වෙමින් ඇති බවයි ඔහු කියා සිටියේ.