[උදයජීව ඒකනායක]
ශී‍්‍ර ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීමේ අරමුණින් දිවයින පුරා උද්ඝෝෂණ සහ ආගමික වැඩසටහන් අද දිනයේද කි‍්‍රයාත්මකයි. දේශයේ උන්නතිය උදෙසා සත්‍ය කි‍්‍රයාමය පිරිත් දේශනාව අද රාති‍්‍ර ආගමික සිද්ධස්ථාන 18කදී පැවැත්වෙනවා. ජිනීවා යෝජනා හකුලා ගන්නා ලෙස බල කරමින් බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට පෙරවරුවේ සංදේශයක් භාරදීමටද නියමිතයි.
මේ අතර සර්ව ආගමික නායකයින්ගේ අධිෂ්ඨාන පූජාවක්ද ඊයේ පස්වරුවේ කොළඹ මහා නගර සභා පිටියේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට එක් වූ පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවේණාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසුවේ ජිනීවා යෝජනා පරාජය කිරීම සඳහා ශී‍්‍ර ලාංකිකයන් එක්සත් වී ඇති බවයි.
කිලිනොච්චි කතරගම දේවාලයේ ශිව ශී‍්‍ර රංගේෂ්වර පූජකතුමන් පැවසුවේ රජය ආරක්ෂා කිරීමට ජනතාව එක්විය යුතු බවයි. දේශයක් ලෙස රට එක්සත් වී ඇති බව මෙම අවස්ථාවට එක් වූ අයිවන් පෙරේරා පියතුමන් කියා සිටියා.