2012-09-22
[ඩිල්ෂාන් මඩවල ]
අවිහිංසාව ගරු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එරට මධ්‍ය ප‍්‍රදේශ් හි සාංචි පුදබිමේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මුල්ගල තැබීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමිනුයි ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ.
ඉන්දියාවේදී ගෞරවයට පාත‍්‍ර වන මහත්මා ගාන්ධිතුමන්ද අවිහිංසාව සහ සමානාත්මතාව ගරු කළ අයෙකු බව මෙහිදි සිහිපත් කෙරුණා.
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අනගාරික ධර්මපාලතුමන් දැරූ ප‍්‍රයත්නයද අගය කිරීමට ජනාධිපතිවරයා අමතක කළේ නැහැ.