2012-06-10
[ශකිලා දිසානායක/චිරාන් ධර්මසේන]
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද අලූයම චීනය බලා පිටත්ව ගියා. විපක්ෂ නායක කාර්යාලය ප‍්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිළ ආරාධනයකට අනුව විපක්ෂ නායකවරයා මෙම සංචාරයට එක් වු බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන රුවන් විජේසූරිය, එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්වුණා. මෙම සංචාරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස චීනයේ ප‍්‍රධාන නායකයන් රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි. ලබන 16 වනදා දක්වා විපක්ෂ නායකවරයා චීනයේ රැදී සිටින බවයි විපක්ෂ නායක කාර්යාලය ප‍්‍රකාශ කළේ.